srilaklab

පානීය ජලයේ අඩංගු ක්ලෝරීන් සහ හානිකර රසායනික ද්‍රව්‍යයන්, කෘෂි රසායනිකයන් සහබැර ලෝහ ඉවත් කිරීම

පානීය ජලයේ අඩංගු ක්ලෝරීන්, විවිධකාබනික රසායනිකයන්ක්ලෝරීන් හා සම්බන්ධ වී සාදන වඩාත් හානිකර රසායනික ද්‍රව්‍යයන්, කෘෂි රසායනිකයන් සහබැර ලෝහ ඉවත් කිරීම

                                මහා පරිමාණ ජල පවිත්‍රීකරණයේ දී ජලයේ ක්‍ෂුද්‍ර ජීවී හරණය සඳහා ක්ලෝරීනීකරණය අත්‍යවශ්‍ය අංගයකි. ක්ලෝරීන් නොමැතිව ජලය සැපයුවහොත් පාචනය අතීසාරය ආදී ජලය ආශ්‍රිතව බෝ වන රෝග නිසා මිනිස් ජීවිතවිශාල සංඛ්‍යාවක් කෙටි කලක් තුළ දී වැනසී යනු ඇත. එම නිසා ක්ලෝරීනීකරණය අත්හළ නොහැකි ය.

ක්ලෝරීන් ද විවිධ කාර්මික අපද්‍රව්‍ය ද විවිධ ගෘහස්ථ අපද්‍රව්‍ය ද වාණිජ කෘෂිකර්මයේ දී භාවිත කරන විවිධ කෘෂි රසායනිකයන් ඍජුවම ද වෙනත් ද්‍රව්‍යයන් සමඟ එක් වී ද ඉතා හානිකර එමෙන්ම පිළිකා කාරක රසායනිකයන් නිර්මාණය කරයි. එමෙන්ම මෙම විෂ සහිත රසායනික සමහරක් ශරීරයේ ඉතා වැදගත් මෙන්ම ඉතා සියුම් ඉන්ද්‍රියන් වෙත බලවත් ලෙස හානි සිදු කරයි. රජරට ඉතා පුළුල් ලෙස පැතිරී යන වකුගඩු රෝගය මේ අතරින් ප්‍රමුඛස්ථානයක් ගනී. එපමණක් නොව ජල පවිත්‍රීකරණයේ දී එකතු කරනු ලබන ක්ලෝරීන් නිසා මරණයට පත් වන ඇල්ගී තුළින් පිට වන විවිධ රසායනික සංයෝග, ප්‍රෝටීන, එන්සයිම ආදිය විවිධ ආකාරයේ ප්‍රතික්‍රියා වලට ලක් වීම නිසා ද අප්‍රසන්න රසක් හා ගඳක් පානීය ජලයට මුසු වී පානයට නුසුදුසු තත්ත්වයට ජලය පත් කරයි.

රසායනික පොහොර සමග ඉතා කුඩා ප්‍රතිශතයන් ලෙස පවතින බැර ලෝහ සහ අනවසර කෘෂි රසායන වල ඇති බැරලෝහ ද ඉතා උග්‍ර ලෙස විෂ සහිත තත්ත්වයක් ජලයට ඇති කරයි. ඛනිජ සමග ඇති ෆ්ලෝරයිඩ හා වෙනත් අහිතකර මූලද්‍රව්‍ය සමහරක් පමණක් නොව මේවා අතර ඇති ඇතැම් රසායනික එකිනෙක හා සංයෝග වී සාදන රසායනික සංයෝගයන් ද රෝග කාරක ලෙස ජන ජීවිතයට බලපා ඇති බව පර්යේෂකයන්ගේ මතයයි.

මෙම කරුණු නිසා පානයට නුසුදුසු තත්ත්වයට පත් වන ජලය නැවතත් ප්‍රසන්න හා පානයට සුදුසු තත්ත්වයට පත් කිරීමත් එහි අඩංගු වන කෘෂි රසායන නිසා ඇති වන හානිකර තත්ත්වය මග හරවා ගැනීමත් අත්‍යාවශ්‍ය සහ හදිසි කරුණකි. ජල පෙරණයක් භාවිතයේදී නල මාර්ගයේ ජලයේ පීඩනය අඩුවීම සාමාන්‍ය තත්වයකි. එමෙන්ම පෙරණයේ කාර්යය අවසාන වන විටදී ඒ බැව් සන්නිවේදනය කිරීමද අවශ්‍ය වේ. එම අවශ්‍යතා තෘප්ත කර ගැනීම මෙම බහුවිධ කාර්යන් සහිත සක්‍රීය කාබන් පෙරණය(Multipurpose activated Carbon filter with self-life indication) මගින් සිදුකර ගත හැකි ය.

මෙම පෙරණය මගින් පෙරා ඉවත් කර ගත හැකි රසායනික හා භෞතික පරාමිතීන් සංඛ්‍යාව ඉතා විශාල ය. එම නිසා ඒ පිළිබඳ ව සාකච්ඡා කරන විට දී ඉතා පුළුල් පරාසයක් ඔස්සේ සැලකිල්ල යොමු කළ යුතු ය.

මතුපිට ජලය එනම් ගංගා ඇළදොළ සහ වැව් වලට ඉතා පහසුවෙන් විවිධ ආකාරයට මල ද්‍රව්‍ය එකතු වන නිසා ඒවායේ අන්තර්ගත බැක්ටීරියා, සංඛ්‍යාවෙන් ඉතා විශාල ය. මේ අතර රෝග කාරක බැක්ටීරියා පැවතීමට ඇති අවකාශය ද ඉතා ඉහළ ය. ජල පවිත්‍රීකරණයේ මූලික අංග වන වාතනය, අවසාදනය හා පෙරීම යන අදියරයන් වල දී ජලයේ අඩංගු ක්‍ෂුද්‍ර ජීවීන් අතරින් 95% ක් පමණ ප්‍රමාණයක් ඉවත් වුව ද රෝග බෝ වීමට තරම් රෝග කාරකයන් පැවතීමට ඇති අවකාශය ඉතා ඉහළ ය. මේ නිසා ජල පවිත්‍රිකරණයේ අත්‍යාවශ්‍ය අංගයක් ලෙස ක්ලෝරීනීකරණය සිදුකරයි. මෙසේ බෙදා හැරීමේ නළ මාර්ග වල දී ජල ගුණත්වය හානි නොවී පවත්වා ගැනීම සඳහා බෙදා හරින ජලයේ සැලකිය යුතු ක්ලෝරින් මාත්‍රාවක් නඩත්තු කිරීම ද කළ යුතුව ඇත. මෙම හේතුව නිසා ප්‍රමිතීන්ට අනුකූලව ජලයේ පවත්වා ගත හැකි උපරිම ක්ලෝරීන් මාත්‍රාව ලීටරයට මිලිග්‍රෑම් 1.0කි. නළ මාර්ග වල ජල කාන්දු තුළින් ඇතුළු විය හැකි ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීම සඳහා සුදුසු පරිදි ක්ලෝරීන් ප්‍රමාණයක් නඩත්තු කළ හැකි වීමත්, අඩු වියදම් හා ක්‍ෂණිකව කළ හැකි ක්ලෝරීන් පරීක්‍ෂාවත්, වෙළඳපොළේ අඩු පිරිවැයකට ක්ලෝරීන් මිල දී ගත හැකි වීමත් ක්ලෝරීනීකරණය සඳහා පෙළඹවීමක් ඇති කරන සාධක වේ.

මෙම ක්ලෝරීන් ප්‍රමාණය මගින් ක්ෂුද්‍ර ජීවීන් ඉවත් කළ ද වර්තමානයේ සිදු කරන ලද අධ්‍යයනයන් අනුව ඍජු ලෙස ම ක්ලෝරීන් සෞඛ්‍යයට හානි කරන අවස්ථා නිරීක්ෂණය කර ඇත. මහා අන්ත්‍ර වල, ගුද මාර්ගයේ, මුත්‍රාශයේ සහ පුරස්ථ ග්‍රන්ථි වල පිළිකා සෑදීමට ක්ලෝරීන් වල සම්බන්ධතාවක් ඇතැයි සොයා ගෙන ඇත.මීට අමතර ව පාංශු ඛාදනය නිසා ජලයට එකතු වන හියුමික් අම්ලය සමග එක් වී සාදන හෙලෝ මීතේන අතරින් විශේෂයෙන් ට්‍රයි හෙලෝමීතේන (THM)පිළිකා කාරකයක් බව සොයා ගෙන ඇත.

මේ නිසා ජලයේ අඩංගු විවිධ කාබනික රසායනිකයන් ද ඒවා ක්ලෝරීන් හා සම්බන්ධ වී සාදන වඩාත් හානිකර රසායනික ද්‍රව්‍යයන් ද ඉවත් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. ඊට අමතරව ක්ලෝරීන් නිසා තේ කෝපි ආදී පානයන් හි ආවේණික ස්වභාවික රසය බුක්ති විඳීමට අපට නොහැකි වී තිබේ. ක්ලෝරීන් අඩංගු ජලය පානයට වඩා ක්ලෝරීන් රහිත ජලය පානය සඳහා යොදාගැනීමට මේ නිසා ජනතාව තුළ පෙලඹීමක් ඇත. මෙහිදී ඇති වන වඩාත් හානිකර තත්ත්වය නම් ක්ලෝරීන් නොමැති නමුත් ක්ෂුද්‍ර ජීවීන් සුලබ වෙනත් ජල මූලාශ්‍ර කරා හෝ ජනතාව යොමු වීමයි. මේ නිසා සෞඛ්‍යාරක්ෂක මෙන්ම ප්‍රසන්න ගුණයෙන් යුතු ජලය ලබා ගැනීමට සැමගේ ඇති කැමැත්ත තෘප්ත කිරීම ද මෙම පෙරණය මගින් ඉටු කෙරේ.

Call Now ButtonCall now